Keheli.lk

10% OFF

Thidena – තිදෙනා

රු1,350.00

ගෝර්කිගේ මේ රමණීය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන් මැනවින් චිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදී මායාවන් සුනුවිසුණු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගණනකට පෙරය. නාගරික මුඩුක්කු, කම්හල්වල අසීරු දිවිය පහත් මට්ටමේ වැටුප් මගින් වූ ශ්‍රම සූරාකෑම යන මේ සියල්ල ඉදිරියේදී තීව්‍ර වීමට නියමිතව තිබියදී සාර්වාදී රුසියාව තුළ හිඳ ගෝර්කි ධනවාදයේ අගතීන් කදිමට පුරෝකථනය කළේය.
මෙහි එන චරිත ත්‍රිත්වය හරහා ගෝර්කි එකල රුසියාවේ ග්‍රාමීය හා නාගරික දිවියේ පීඩිත මිනිසුන්ගේ පාර්ශ්වය අප හමුවට ගෙන එයි. කසළ එකතු කරන්නන්, පදික වෙළෙන්දන්, ගණිකාවන්, තැබෑරුම්කරුවන් ඇතුළුව සමාජයේ යටිතලයේ වෙසෙනා විවිධ චරිත, ඔවුන’තර වන ගැටුම්, ඔවුන්ගේ අපේක්ෂාවන්, එම අපේක්ෂාවන් බිඳ වැටීමත් සමඟ ජනිත වන කලකිරීම හා
සාහසිකත්වය, මුදල් හම්බකිරීමෙන් දිවිය සැපවත් කරගත හැකිය යන ධනවාදී මිථ්‍යාව, විවිධ සමාජ දේශපාලන සංස්ථාවල හැසිරිම යනාදිය මේ කෘතිය තුළ ඉතා මැනවින් නිරූපිතය.දිවියේ පත්ලෙන්ම පැමිණ ලෝක පූජිත නිර්මාණකරුවකු බවට පත්වීම දක්වා ආ ගමන් මගේදී එක්රැස් කරගත් අත්දැකීම් අසුරින් ගෝර්කි මානව වර්ගයා වෙත හෙළන බැල්ම එදාට මෙන්ම අදටත් එක සේ වළංගුය.

Reviews

There are no reviews yet.

Be the first to review “Thidena – තිදෙනා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat