The Hiker
රු1,665.00
තනිවම යන ගමනක්… වනාන්තරය තුළ ගත කරන රැයක්..
මතක ගොන්නට තවත් එක මතතයක්…
රාස්සිකන්ද නැගීමට පෙර ඔබ සිතන්නේ එහෙමයි.
එහෙත්.. සිතිවිලි සහ යථාර්ථය අතර වෙනස ඔබට පැහැදිලි වෙන්නට ගතවෙන්නේ එක නිමේෂයයි.
රාත්‍රියේ දී සුළි කුණාටුව ආරම්භ වීමත් සමඟ ඔබේ කඳුකර වික්‍රමය, දිවි බේරා ගැනීමේ සටනක් බවට පත් වෙනවා. ඔබ ගලවාගන්නට කිසිවෙක් එන්නේ නැහැ. පිටත ලෝකය හා කිසිදු සම්බන්ධයක් නැතිව ඔබ මහා ඝන වනාන්තරය තුළ තනි වෙනවා. වනාන්තරය තුළ සැරිසරන යමක් ඔබව දඩයම් කරන්නට පටන් ගන්නවා.
ඔබට දිවි ගලවා ගන්නට හැකි වේවිද?
වසර ගණනාවක් තිස්සේ රාස්සිකන්ද තුළ වැළලී ගිය බිහිසුණු රහස් හෙළි කර
ගන්නට ඔබ සමත් වේවිද? නැති නම් ඔබත් රාස්සිකන්ද තුළ අතුරුදන් වූ ‘තවත් එක් අයෙක්’ පමණක්ම වේවිද?
මෙය ඔඛ නිකම් කියවාගෙන යන පොතක් නොවෙයි. දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්. ගළපන්නට උත්සහ කරන අසීරු ප්‍රෙහෙළිකාවක්. සෑම තේරීමකම වගකීම ඔබ සතුයි. ඒ සෑම තේරීමකම ප්‍රතිවිපාක ඔඛ විඳිය යුතුයි.
මාර්ග 80 ක්. අවසානයන් 31 ක්. ඔබේ අවසානය කෙසේ වේවීද?









Reviews
There are no reviews yet.