Keheli.lk

10% OFF

Tharka Shasthraya – තර්ක ශාස්ත්‍රය

රු1,575.00

තර්ක ශාස්ත්‍රය විෂය මුළුමනින්ම ආවරණය වන පරිදි ලියවුණු ග්‍රන්ථයක් මෙතෙක් පළවී නොමැති බැවින් ඒ අඩුව පිරිමසාලීම අරමුණු කරගෙන මේ පොත ලියවී ඇත. කැනීෂියස් පලිහවඩන පේරාදෙණිය සරසවියේ ගෞරව උපාධිධරයෙකි. මහාචාර්ය කේ.එන්. ජයතිලක හා ආර්.ඩී. ගුණරත්න වැනි අග්‍රගණ්‍ය තර්ක ශාස්ත්‍ර විද්වතුන් වෙතින් විෂය හදරා ඇත. තවද ගුරුවරයෙකු හා කථිකාචාර්ය වරයෙකු ලෙස සේවය කර ඇත. විෂය ඉගැන්වීමෙන්, ග්‍රන්ථ පරිශීලනයෙන්, ප්‍රධාන පරීක්‍ෂකවරයෙකු ලෙස සේවය කිරීමෙන් වසර හතලිහක පමණ අත්දැකීම් ලබා ඇත. 1978 සිට ග්‍රන්ථකරණයේ නිරත වූ ඔහු තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයට අදාළ ග්‍රන්ථ දොළහක් පමණ ලියා තිබේ. ඒ අතර ‘විද්‍යාත්මක ක්‍රමය ‘ ග්‍රන්ථය සිසු දරුවන් අතර ඉමහත් ප්‍රසාදයට පත් වී ඇත. 1972, 1987, 2011 නව විෂය නිර්දේශයක් සැකසීමේ කමිටු වල සේවයේ නිරත වූ කතුවරයා කොළඹ, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, නුගේගොඩ වැනි ප්‍රදේශ වල දහස් සංඛ්‍යාත සිසු දරුවන්ට දශක ගණනාවක් විෂය උගන්වා ඇත. න්‍යායාත්මක කරුණු මෙන්ම විශාල ගැටලු සංඛ්‍යාවක් විසඳා දැක්වීම මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ සිසුන්ට මෙන්ම සරසවි සිසුන්ටත් ගුරුභවතුන්ටත් බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Tharka Shasthraya – තර්ක ශාස්ත්‍රය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat