Keheli.lk

10% OFF

Tharage agamanaya-තාරාගේ ආගමනය

රු1,080.00

කුල භේද, පන්ති භේද මෙන්ම ආර්ථික විෂමතාවන්ගෙන් පීඩිත ගැමි නිර්ධන පන්තිය පිළිබඳ සහ එයින් අයුතු ලාභ ලබාගන්නා ධනපති පන්තිය පිළිබඳ සියුම්ව විග්‍රහ කරන මෙම නවකතාවේ ප්‍රධාන කතා වස්තුව ගෙතෙන්නේ සමාජ වෙනසක් ඇති කිරීමේ අරමුණින් දේශපාලන ලෝකයට පිවිසෙන නයනතාරා පාන බොක්කේ නම් ගැමි තරුණියගේ ගමන් මඟ ඉස්මතු කරමිනි.

සමාජයට, කාන්තාවන්ට සහ රටට වෙනසක් කිරීමට ඇය තුළ ඇති අධිෂ්ඨානය සහ ආශාව මෙන්ම අනෙකුත් දේශපාලන නායකයන්ගෙන් ඇය මුහුණ දෙන අභියෝග අවධාරණය කරන අතරම ඇය මුහුණ දෙන විවිධ බාධකවල ප්‍රතිඵලයක් ලෙස ඇය පරිණාමය වන ආකාරය ගැනත්, කුඩා දැරියකගේ සිට තරුණියක තෙක් සිදුවන සිදුවීම් සමුදාය තුළින් කතාව පුරාවට ඇගේ චර්ත වර්ධනය වන අයුරුත් කතුවරයා විසින් ඉතා විචිත්‍ර අයුරින් ඉදිරිපත් කොට ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Tharage agamanaya-තාරාගේ ආගමනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat