Keheli.lk

10% OFF

Sri Lankawe Damila Sanskruthiya – ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය

රු1,575.00

ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකේය දමිළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන මෙම කෘතියේ කතුවර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාවේදී (B.F.A) ප්‍රථම පන්ති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A) සහ දර්ශනසූරී (Ph.D) උපාධියත්, ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශ්ව විද්‍යාපීඨයෙන් කථක් නැටුම් පිළිබඳ ඩිප්ලෝමා (Diploma) උපාධියත් ලැබූවෙකි.
වෘත්තීය නර්තන ශිල්පියකු, මුද්‍රා නාට්‍ය රචකයෙකු වූ සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලි ශ්‍රී ලාංකික ලලිත කලා උපාධිධරයන් අතරින් නර්තන විෂය පිළිබඳ මෙරට දී හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති හා දර්ශනසූරී (ආචාර්ය) උපාධි ලත් ප්‍රථම ශ්‍රී ලාංකික නර්තන ශිල්පියා ද වේ. සංස්කෘතික සංදර්ශන හා නිදර්ශන සහිත දේශන පවත්වා ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන ඇති මුදියන්සේ දිසානායක වූ කලි දෙදහස් පන්සිය වසරක ශ්‍රී ලංකා ඉතිහාසයේ උඩරට නර්තන විෂය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය ලත් ප්‍රථම හා එක ම වෘත්තීය නර්තන ශිල්පියා යි. මේ ග්‍රන්ථය ඔහු විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය යි

Reviews

There are no reviews yet.

Be the first to review “Sri Lankawe Damila Sanskruthiya – ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat