Sophige Lokaya – සොෆීගේ ලෝකය
රු1,620.00
අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නමැති නෝවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමු වෙයි. ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි: ‘ඔබ කවුද?’ ලෝකය ආවේ කොහෙන්ද?’
මේ ලිපි ලියූ පුද්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බර්ටෝ නොක්ස් ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක, ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් සාත්‍රෙ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි. ඉතාමත් සිත් අදනාසුලු, විනෝදාත්මක ලිපි පෙළක් ඇසුරින්ද ඉක්බිති පෞද්ගලිකව පැමිණීමෙන්ද ඇල්බර්ටෝ නොක්ස්, මනුෂ්‍ය ශිෂ්ටාචාරය උදා වූ තැන් පටන් දාර්ශනිකයන්ගේ විමසීමට යෙදුණ මූලික ප්‍රශ්න පිළිබඳව සොෆීගේ විමංසනාත්මක මනස පුබුදු කරවයි.
“විශිෂ්ට ප්‍රයත්නයකි. යුස්ටයින් ගෝඩර් මෙහිදී සිදු කර ඇත්තේ අවුරුදු 3000 ක චින්තන ඉතිහාසයක් පිටු 400 කට කැටි කිර්මය; ඉතාම සංකීර්ණ දාර්ශනික වාද විවාද නොවැදගත් තත්ත්වයකට පත් කිරීමෙන් වැළකී සරල ලෙස විදහා දැක්වීමය… සොෆීගේ ලෝකය විශිෂ්ට ජයග්‍රහණයකි.”
-සන්ඩේ ටයිම්ස්
“සොෆීගේ ලෝකය අද්වීතීය ජනප්‍රිය සම්භාව්‍ය කෘතියක් බවට පත් වනු නොඅනුමානය; අතිශයින් සිත් වසඟ කරවනසුලු අබිරහස් කථාන්තරයක් වන මෙය, දර්ශනය හා දාර්ශනිකයන් පිළිබඳ අතිශයින්ම සරල හා පැහැදිලි හැඳින්වීමක් ඉදිරිපත් කරයි.”
-ද ටයිම්ස්
Out of stock










Reviews
There are no reviews yet.