Keheli.lk

20% OFF

Soduru dukbara diviya – සොඳුරු දුක්බර දිවිය

රු792.00

කාන්තාවන් ගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝවිශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇත. The Snow Kingdom හා Thousand Cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනා ව ප්‍රදර්ශනය කළේ ය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක්ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඔහු ගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ්‍යාන ක්‍රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතා ගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජීවිතයෙහි ද මිනිසා ගේ ද ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි. සකලවිධ බාහිර ක්‍රියාකාරකම්වල පවත්නා අනියත බව ජලතලය මත පා වී යන තණ පඳුරු ගොන්නකට සම්බන්ධ කළ හැකි නම් එවිට පහළ වනුයේ ජපන් ක්‍ෂුද්‍ර සාහිත්‍ය කලාංගයක් වන හයිකු කවියකි. මේ කවි කලාව කවබතා ගේ රචනාවන්හි පිළිබිඹු වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Soduru dukbara diviya – සොඳුරු දුක්බර දිවිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat