Sinhayan Samaga Sathapi – සිංහයන් සමඟ සැතපී
රු1,120.00
ඔහු සිය නිදන බෑගය දිගහැර එය බ්ලැන්කේට්ටුවක් මෙන් ගුහාවේ බිම අතුරමින් සිටී. ජේන්ට අපහසුවක් මෙන්ම නුහුරු ගතියක් දැනිණි. දුටු දා පටන් ඇගේ සිත ඔහුගේ උණුසුම පතා හඬගැවේය. ඔහු ඇගේ දියණිය චන්තාල් දෙදණ මත හොවාගෙන ඇයට ගී පද මුමුණද්දී දැනුණු හැඟීම දැන් ඇගේ සිතෙන් බැහැරව ගොසිනි. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ව සිටි අවදියේ මෙන් ඔහුගේ ශක්තිමත් දෑතින් සිය ගත වැලඳ ගන්නා තුරු ඇය බලා සිටියාය. ඔහුගේ පහස පතා බලා සිටින ඇගේ හදවතේ ඇත්තේ තිගැස්මකි. පිරිමියකු හා යහන්ගත වීමට ඇගේ සිතේ වූ ආශාවන් නැතිව ගියේ චන්තාල් ඉපදීමට සති කීපයකට පෙරය. වැඩිහිටියන්ට හොර රහසේ මොහොතක් තනිවීමට මාන බලන යොවුන් වියේ යුවළක් මෙන් ඔවුහුද ලෝකයෙන්ම තනිවී ගත කිරීමට මේ මොහොත යොදා ගත්හ.
දෙදෙනාම පහතින් පෙනෙන නිහඬ ගම්මානය දෙස බලා සිටියා මිස කිසිවෙක්වත් එකිනෙකා ස්පර්ශ නොකළහ.
“මං මෙතැනට වෙලා බිම දිගාවෙලා පහත ගම්මානය දිහා බලා ඉන්න පුරදු වෙලා හිටියා.” හුදෙකලා ඇෆ්ගන් ගම්මානයේ තමා කාලය ගෙවූ අන්දම සිහිපත් කරමින් ජේන් මිමිණුවාය.
ඇගේ බසට ඔහුගේ මුවගට සිනාවක් නැගිණි. ඒ සමගම ඔහු ඇය සිය ගතට තුරුලු කර ගත්තේය.







Reviews
There are no reviews yet.