Keheli.lk

15% OFF

Sick-සික්

රු722.50

බටය රංජාගේ කටේය, තැටිය නීල්ගේ අතේය, බාලූ තැටියට යටින් ලයිටරය දැල්වීය. තවත් තත්පර කිහිපයකින් තැටිය මත වූ සුදු පැහැති ද්‍රව්‍ය ස්වල්පය ටිකෙන් ටික අඳුරු පැහැයට හැරෙන බවක් පෙනෙන්නට විය. ඉන් සමහරක් ඒවා කුඩා ඉස්ගෙඩියන් දිවයන්නාක් මෙන් ඊයම් කොළය මත ඔබමොබ ගමන් කරනු දුටු තිදෙනාගේම මුහුණුවල ඇදුණේ අපූරු සිනහවකි.
අම්මට සිරි ඔරිජිනල් බඩු…! කාලෙකින්…!
නීල් බාලු දෙස ස්තූතිපූර්වක බැල්මක් හෙළීය. මේ කිසිවක් වෙත තම අවධානය යොමු නොකළ රංජා තැටියෙන් ඉහළට නැඟි කුලුඳුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රඳවාගෙන සිටි බටයට හසුකරගැනීමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විඳි හෙතෙම දීප්තිමත් දෑසින් යුතුව බටය නීල්හට දිගු කළේය.)

Reviews

There are no reviews yet.

Be the first to review “Sick-සික්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat