Keheli.lk

20% OFF

Sellam wayasedi salelun atharata-සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට

රු960.00

එන්ජෙලා නමැති යුවතියගේ ළමා කාලයේ අත්දැකීම් හා මුහුණදුන් සිදුවීම් හා ගණිකා නිවාසයේ ගත කළ කාලයේ මුහුණ දුන් සිදුවීම් මෙහි කතුවරිය වන එලනි කෘෘගර් විස්තර කරන්නේ දැඩි සංයමයකින් යුතුව ය. අනුකම්පාව ඇතිවෙන ආකාරයකින් මිස, හැඟීම් කුපිත කරවන ආකාරයකින් නොවේ.
මෙම කතාවේ පවතින විශේෂත්වය වන්නේ මෙහි සඳහන් සිදුවීම් ඕනෑම තරුණියකට තමාට පරිස්සම්වීමටත්, වැඩිහිටියන්ට තම දියණියන් ආරක්ෂා කර ගැනීමටත් වැදගත් වෙන බොහෝ සාධක හෙළිකර තිබීම ය.
ඔබේ ආදරණීය දියණිය, සහෝදරිය හා බිරිඳ දුෂ්ට මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා අපයෝජකයන්ගෙන් බේරාගැනීමට ඉවහල් වන බොහෝ සාධක මෙය විධිමත්ව වටහාගැනීමෙන් සාක්ෂාත් කර ගත හැකිය.තම සොහොයුරාගේ මිතුරෙකු විසින් රැකියාවක් ලබා දෙන බව පවසා ගණිකා නිවාසයට අලෙවිකරන ලද 15 හැවිරිදි එන්ජෙලාගේ ළමා විය, අපයෝජකයන්ට ගොඳුරුවීම, පවුලේ ආරවුල්, ගණිකා නිවාසයේ ගතකළ ජීවිතය හා එයින් පලායාමේ කතාව මුල් පරිච්ඡේද 17ක් යටතේ පැහැදිලි කර ඇත. ඉතිරි කොටස වෙන් වන්නේ මිනිස් වෙසින් සිටින රකුසන්ගෙන් බේරී යහපත් ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳව කතුවරියගේ දේශනවලින් උපුටාගත් කොටස් සඳහා ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sellam wayasedi salelun atharata-සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat