Keheli.lk

15% OFF

Sarjan-සර්ජන්

රු1,190.00

බොස්ටන්හි කිසිදා නුවූ විරූ ලෙස දාම ඝාතන රැල්ලක් ආරම්භ වීම බොස්ටන් පොලිසියේ මිනීමැරුම් අංශය ත්‍රාසයටත් භීතියටත් පත් කළේ මීට වසර දෙකකට පෙර සවානාහිදී සිදු වූ දාම ඝාතන රැල්ලට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම නිසාය. සාවානාහි දාම ඝාතන රැල්ලේ ඝාතකයාගෙන් දිවි බේරා ගත් ඔහුගේ අවසන් ගොදුර වූ ශල්‍ය වෛද්‍ය කැතරින් කෝර්ඩේල් දැන් බොස්ටන්හි පදිංචිකාරියක් වීමත් ඇය අතින් සාවානා දාම ඝාතන රැල්ල ආරම්භ කළ ඝාතකයා ඝාතනය වූ බවත් සියලුම පොලිස් වාර්තා වල සඳහන් වූ නිසා බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ඉදිරියේ පිළිතුරු නොමැති පැන ගොන්නක් ගොඩ ගැසෙන්නට විය. බොස්ටන් පොලිස් මිනීමැරුම් අංශයට මෙන්ම කැතරින් කෝර්ඩේල්ටද නිදි වර්ජිත රාත්‍රීන් එළඹුනේ ඝාතකයා එකිනෙකට පරස්පර සාක්ෂි නිර්මාණය කරමින් වෛද්‍ය කැතරින් කෝර්ඩේල්ට විවිධ ආකාරයේ මරණීය අනතුරු අඟවමින් බොස්ටන්හි ඝාතන රැල්ල තවත් ඉදිරියට කරගෙන යාමට උත්සුක වීම නිසාය. කැතරින් කෝර්ඩේල් අතින් සැබැවින්ම ඝාතකයා සවානාහිදී ඝාතනයට ලක් වුවාද? බොස්ටන් පොලිසියට මෙම සර්ජන් කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකි වෙයිද?

අපරාධ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව මුසු වූ Medical suspense thriller සහ Crime fiction novel ගණයට අයත් මෙම නවකතාව Tess Gerritsen ගේ දාම ඝාතන සිද්ධීන් අඩංගු නවකතා අතර අති සාර්ථකම නවකතාව ලෙසද හඳුන්වනු ලබනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “Sarjan-සර්ජන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat