10% OFF
Samuganimu Gulsari-සමුගනිමු ගුල්සාරී
රු1,080.00
සෝවියට් පාලන කාලය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැලකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් අයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි. ප්රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මිදී වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබඳව අසිරිමත් විග්රහයක යෙදුණු ආයිත්මාතොව් සෝවියට් සාහිත්‍ය තුළ සිය අනන්‍යතාවය රැක ගත්තේ රමණීය වූ නිර්මාණ රටාවක් බිහි කරමිනි. සමුගනිමු ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති සේ අතුරින් සුවිශේෂ නිර්මාණයක් සේ සලකනු ලබයි. මිනිසකු සහ අශ්වයකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙෂොකෝව් නම් දගෙස්තාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේ ගේ මහල්ලා සහ මුහුද හා සමාවන කෘතියක් ලෙසිනි.
-පරිවර්තනය චූලානන්ද සමරනායක






Reviews
There are no reviews yet.