Keheli.lk

20% OFF

Saki bharya-සඛී භාර්යා

රු1,280.00

එදා පායා තිබුණේ අඩ සඳකි, ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලජ්ජාවෙන් මෙන්ය. කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළගේ පවා තැවරී තිබිණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වලාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය. සිතුවිලිවලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතලාඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිදගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටවත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවීයද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි. පසුදා හිරුපායන විට ඒ ළෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අහු මුලු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Saki bharya-සඛී භාර්යා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat