10% OFF
Ridi nimnaya-රිදී නිම්නය
රු855.00
එක්තරා පාළු භූමියක් නානා දෙසින් පැමිණි පිරිසකගේ ජනාවාසයක් බවට පත් විය. කල් යෑමේ දී ඔවුන්ගේ ජනපදය නොයෙකුත් පරිවර්තනයනට හසු විය. සියල්ල වෙනස් වුණත් කිසිම වෙනසකට අසු නොවුණු ධර්මතාවයක් ද ඇත. එනමි ඔවුන් එක පොදියට පෙළන බඩගින්නයි. දෑතෙහි මහන්සිය එකම ධනෝපායන මාර්ගය කොටගත් මේ ස්ත්‍රීහු ද පුරුෂයෝ ද දුප්පත්කමේ සෙවනැල්ල විසින් නිරන්තරව ලුහුබඳිනු ලැබ අඛණ්ඩ ජීවිත සටනක යෙදුණෝය. මේ අතර ඔවුන්ගේ දූ දරුවෝ වැඩෙන්නට වූහ. වැඩෙන දූ දරුවෝ ඉගෙන ගත්හ. නව බලාපොරොත්තු ප්‍රාර්ථනා හා අපේක්ෂාවන් ගොඩ නගා ගත්හ. ප්‍රේම කරන්නට හා ද්වේෂ කරන්නට, විශ්වාස කරන්නට හා සැක කරන්නට, ප්‍රශ්න කරන්නට හා පිළිතුරු සොයන්නට පටන් ගත්හ.










Reviews
There are no reviews yet.