Keheli.lk

10% OFF

Rathriya-රාත්‍රිය

රු495.00

රාත්‍රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත්‍රිය විය. නැවත වරක්, ‘අවසන් රාත්‍රියක්! අප නිවසෙහි ගත කළ අවසන් රාත්‍රිය! යුදෙව් ප්‍රදේශයේ ගත කළ අවසන් රාත්‍රිය!’ හරකුන් ප්‍රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත්‍රිය…..! දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත්‍රිය! අවසන් රාත්‍රියේ සිට ඊළඟ රාත්‍රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක්‍ෂා වේවි ද?
රාත්‍රිය, ඉතා කළුවර විය. වරින් වර, අඳුර තුළ වෙඩිල්ලක් පත්තු වන ශබ්දය පැතිරිණි. ගමන් කිරීමේ වේගය පවත්වා ගත නොහැකි කාට වුව ද, වෙඩි තබන ලෙස, නියෝග කර තිබිණි. තුවක්කුවේ කොකා මත ඇඟිලි තබා ගෙන සිටි ඔවුන්, වෙඩි තබා මරා දැමීමේ සතුට අහිමි කර ගැනීමට කැමැති වූයේ නැත.අප අතරින් එක් අයකු, මොහොතක් නතර වුණොත්, ඒ ‘ජරා බල්ලා මරා දමනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Rathriya-රාත්‍රිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat