| Weight | 0.25 kg |
|---|
15% OFF
Ran rosa-රන් රෝස
රු722.50
ප්රවීන සෝවියට් ලේඛක කොන්ස්තන්තීන් පවුතොව්ස්කිගේ ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංග ප්රත්යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබාගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මෙහි විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මඟ දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකී සුන්දරත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.









Reviews
There are no reviews yet.