| Weight | 0.28 kg |
|---|
Almanso : Punchi goviya (LITTLE HOUSE)- අල්මන්සෝ :පුංචි ගොවියා
රු1,056.00
ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ,අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපොළක හැදී වැඩෙයි. ග්‍රීෂ්ම ඍතුවේ පැළ වගා කරන්නට, සරත් ඍතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපොළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම ආදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි.
සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.










Reviews
There are no reviews yet.