10% OFF
Premaye Wilthere – ප්‍රේමයේ විල්තෙරේ
රු1,665.00
ඔහුගේ අතැගිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. “මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් මනෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි. යළිත් දෑස් කඳුළින් පිරිගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විදදරාගත නොහැකි තරමටම විචිත්‍රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වුත් මොහොතක් වී යැයි අනාගතයේදී සිදුකරන අතීතස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත්‍ර වීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගත වන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්පනාවක් මතුව එනු ඇත:
ඔව්, ඒ තමයි ආරම්භය. මගේ ජීවිතයේ ආරම්භය…






Reviews
There are no reviews yet.