Keheli.lk

10% OFF

Piyabana apsara – පියාඹන අප්සරා

රු585.00

තමා දන්නා හැම දෙයක් ම හා හැම අයකු ම අතහැර 1978 දී ඇය ගමෙන් පිටමං වන විට ලී ෂැංශ්මී ගේ වයස අවුරුදු 11කි. උතුරු චීනයේ ඈත කෙළවර ගම්මානයක සිට බෙයිජිං නගරය දක්වා වන කිලෝමීටර් 1440ක දුර ප්‍රමාණය තනිව ම ගමන් කළ ඇය, බෙයිජිං නර්තන ඇකඩමියට ඇතුළත් වීමට ඉල්ලුම් කර සිටි සිසුවියන් හැටදායක් අතරින් එකියක වූවා ය. විදුහලට ඇතුළත් වීමට රැස්කමින් සිටි මෙම ශිෂ්‍යාවන් අතර සිටි සමහරු මහත් අත්දැකීම් සහිතව ද, සමහරු විවිධ සම්බන්ධකම් පවත්වන අය ද වූහ. ෂුංග්මී වෙත වූ දක්‍ෂතාවෙහි ප්‍රමාණය හා ඇගේ අහිංසක ආරම්භය අන් අය හා සසඳන විට ඇය සිටියේ පසුපසිනි. මේ දැවැන්ත සිසු කණ්ඩායම අතුරින් තෝරා ගත් දොළොස් දෙනා අතර ෂුංග්මී ද විය.
ෂුංග්මී සිතා සිටියාට වඩා මේ ගමන අසීරු බව ඇයට ක්‍රමයෙන් වැටහුණි. හැම දවසක ම දිගු වේලාවක් පුහුණු වීමට සිදුවීම, ඇය ව පිටමං කිරීමට සිතා කටයුතු කළ ගුරුවරිය, ඇයට සරදම් කළ හා උපහාස කළ ඊර්ෂ්‍යාවෙන් යුතු පංති සගයින් සිටිය දී ඇය තම ගමන් මග නොනැවතී දිගට ම ගමන් කළා ය. ඒ සියල්ල අතර ඇය හදවතින් දුක් වූයේ ඇයගේ පවුලේ ඥාතීන් සහ යහළුවන් සිටියේ ඉතා ඈත දුර බැහැර නිසා ය.
ඒ කවර බාධක කරදර තිබුණත්, ෂුංග්මී ගේ චිත්ත ශක්තිය හෝ ආත්ම ධෛර්යය හෝ බිඳ හෙළිය නොහැකි ව්ය. තදබල අධිෂ්ඨානයකින් හා ආත්ම ශක්තියෙන් යුතු ගැමි අහිංසක චීන දැරිවිය මේ සියලු බාධක ජයගෙන චීනයේ වඩාත් ම ජනප්‍රියතම නර්තන ශිල්පිනිය බවටත්, මුළු ලොව පුරාම පැවති තරගවල දී දිගින් දිගට ම රන් පදක්කම් දිනූ විශිෂ්ට රංගධාරිනිය බවට පත් විය. ඒ ජයග්‍රාහී මගෙහි ඇය ගමන් කළ ආකාරය ඇතුළත් සත්‍ය කතාවක අපූරු පෙළගැස්මක් පියාඹන අප්සරා හෙවත් විශිෂ්ටත්වයට පත් දිරිය දියණියගේ කතාව නමින් ඔබ අතට පත් වෙයි.

සෑම දරු දැරියක් ම ළඟ තබාගෙන, නිතර නිතර අනිවාර්යයෙන් කියවිය යුතු විශිෂ්ට චරිතාපදාන කෘතියකි මේ.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Piyabana apsara – පියාඹන අප්සරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat