20% OFF
Pin mada mahabisau-පින් මඳ මහ බිසව්
රු480.00
ඇය සිටියේ සිහියෙන් නොව, අසිහියෙන්ද නොව; විටෙක සිහියෙනි, විටෙක අසිහියෙනි. සිහියෙන් සිටින විට වරින් වර ඇය තම දරුවන් සැම කැඳවා වයසේ පෙළට ඉඳුවයි. කොයි දෙවැනි තැන පුතා? ඇය අසයි; ඉක්බිතිව මහ හඬින් හඬයි. බිත්තිය අල්ලාගෙන, බිත්තියට හිස බාගෙන ඇය හඬයි. ඉක්බිතිව ඇය බිත්තියේ හිස ගසාගනී. දරුවන් ඇය අල්ලා රැගෙන ගොස් ඇඳේ බහවනු ලබයි. ඉන් පසු නැඟී සිටින ඇය දරුවන් එකිනෙකා බදාගෙන එකිනෙකාගේ සිප වැලඳ ගනිමින් ඔවුන්ගේ කුඩා කාලය ගැන කියමින් හඬයි. ඇය ඔවුනොවුන් පටලවාගෙන තම සිතේ ඇති අතීතයට යයි. එවිට සියල්ලෝම හඬති.සැමියන් දෙදෙනකු පිනවා, ඔවුන්ගේ දරුවන් දරා, ඒ දරුවන් වදා, ඒ දරුවන්ට කිරි පොවා, දැන් නිරාහාරව සිටින ඇය මහත් සේ දුපෝෂණයෙන් පෙළුණාය. නිරාහාරව සිටීමත් දුක් කෑමත් නිසා ඇය දිනෙන් දින වැහැරුණාය.







Reviews
There are no reviews yet.