Keheli.lk

10% OFF

Parani lakdiwa kanthawa – පැරණි ලක්දිව කාන්තාව

රු1,125.00

ලෝකයේ පැවැත්ම සිදුවන්නේ හිරු කිරණත් කාන්තාවත් නිසා ය. මිනිසාගේ උත්පත්තිය හා වැඩීම සමග මවගේ සම්බන්ධය පැහැදිලි කිරීම අනවශ්‍ය ය. සමාජ ප්‍රගතිය උදෙසා විවිධ භූමිකා ඔස්සේ කාන්තාව විසින් සිදු කෙරෙන්නේ ඉමහත් බලපෑමකි. එය වර්තමානයට හෝ අතිතයට හෝ එක් දේශයකට හෝ සීමා නොවේ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදු වූ කාර්යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ විසින් අතිත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධ ව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාශයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, “පැරණි ලක්දිව කාන්තාව” නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ සතුන්ගේ ආගමික ජිවිතය, වෘත්තිය ජීවිතය හා ගෘහස්ට ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞරුෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
පැරණි ලක්දිව කාන්තාව පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයක් මත සැකසුණු ප්‍රථම පර්යේෂණාත්මක ග්‍රන්ථය මෙයයි. ඵෙතිහාසික ලේඛන පරිහරණය කොට ඉන් සාරය තෝරා ගැනීම සම්බන්ධ ව මහාචාර්යතුමිය සතු පරිවය හා විශ්ලේෂණ කුසලතාවන් ඒවා පෙළගස්වා ඉදිරිපත් කිරීමෙහි ලා එතුමිය සතු සුනිශිත පර්යේෂණේ ශක්‍යතාව හා ලේඛන කෞශල්‍යය මෙහි දී බෙහෙවින් අගය කළ යුතු වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Parani lakdiwa kanthawa – පැරණි ලක්දිව කාන්තාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat