Noks Dutu Lakdiwa-නොක්ස් දුටු ලක්දිව
රු1,360.00
ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු චිරප්රකට ග්‍රන්ථය 1681 දී ප්‍රකාශයට පත් වූයේය. ඒ වූ කලී රොබට් නොක්ස්ගේ ANHISTORICALRELATION OFTHEISLAND CEYLON, IN THE EAST-INDIES නමැති සර්ව කාලීන ශාස්ත්‍රීය කෘතියේ එතෙක් ප්‍රකාශයට පත් ප්‍රථම මුද්‍රණයයි. එය දිවයිනේ මධ්‍ය කාලීන සමාජයේ ශිෂ්‍ය පරම්පරාවේත් විවිධ ප්රාඥයන්ගේත් නිත්‍ය මුලාශ්‍ර ග්රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත්‍ය වංශයේ සුවිශේෂ පාඨක ප්රතිග්රහණයට පාත්රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද්‍රණ ස්වභාවයේ වෙනසක් නොමැතිව ප්‍රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා කන්ද උඩරට රාජධානිය තුළ ගත කළ සිපිරි ජීවිතය පිළිබඳ තොරතුරුත්, ඔහු ගේ වාග් විලාසයෙන් ප්‍රකට වන සූක්ෂම දෘෂ්ටියත්, විවෘත මනසින් ඔහු යෙදෙන සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයේ විශිෂ්ටතාවත් ඒකාබද්ධ වීමෙන් මේ කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතියේ සාරයත්, එහි සමකාලීන විශිෂ්ටත්වයත් එක සේ උද්දීපනය කරන මා හැඟි රමණීය ඓතිහාසික ලේඛනයක් බවට පත් වන්නේය.










Reviews
There are no reviews yet.