Keheli.lk

10% OFF

Nakula Muni – නකුල මුනි

රු2,025.00

*** 2022 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතාව ***

තරුණ සිංහල සංගීතඥයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවාර් සූර්ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව්රට පැමිණේ. ඔහු තම පර්යේෂණයෙන් මග හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කථාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පරමෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතඥයන් ගැන ය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය යනාදිය අතර මංමුළා වෙති.
චිරන්තන බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණයෙන් සිංහල සංගීතයේ වේදනාබර නකුල පිතා සොයා යන කතුවරයා, නකුල පදයේ සැඟවුණු මුගටි හා නකුල වීණා යන ගුප්තාර්ථ ඔස්සේ සිය නිබන්ධයේ ප්‍රබන්ධය රචනා කරමින් වර්තමාන සමාජයේ ජරාජීර්ණ කලාත්මක රූපය හා බිහිසුණු ප්‍රතිවිරෝධතා අනාවරණය කරයි. සමාජ පරිහානියේ කැඩපතක් ලෙස සංස්කෘතිය හා කලාව ද සංස්කෘතික වෙළඳාමටත්, සංස්කෘතික බ්‍රෝකර්වාදයටත් යට වෙද්දී මහා කවි පැව්ලෝබ්ලෝ නෙරුඩාගේ අවතාරය සිය මුගටියා හා දෙමළ සුන්දරිය සමඟ නැවත වැල්ලවත්තට එයි.

*** 2022 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතාව ***

Reviews

There are no reviews yet.

Be the first to review “Nakula Muni – නකුල මුනි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat