Mathara maha karalla – මාතර මහ කැරැල්ල
රු675.00
1760 – 1761 වසරවල ලංකාවේ ලන්දේසි පාලනයට විරුද්ධ මහා ජනතා නැගී සිටීමේ සැඟවුණු ඉතිහාසය…
මෙම කෘතිය ලුඩවැයික් වාක්හනාර් ලන්දේසි බසින් රචිත “ගාල්ල – ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව – 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ විස්තරයක් (Lodewijk Wagenaar, Galle: VOC nestiging in Ceylon – Beschrijving van een koloniale samenleving aan de vooravond van de Singalese opstand tegen het Nederlandse gezag, 1760 (Amsterdam (De Bataafsche Leeiw) 1994) යන කෘතියේ පරිච්ඡේද තුනක සිංහල පරිවර්තනයකි. මේ පරිවර්තනය මගින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ 1760 දෙසැම්බර් මාසයේ දී ප්රධාන වශයෙන් ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිපාලනය යටතේ පැවැති වර්තමාන මාතර දිස්ත්රික්කය ආශ්රිත ප්රදේශය මුල් කරගෙන හටගත් විශාල ජනතා නැගිටීම පිළිබඳ මූලික අවබෝධයක් සැපයීමටයි. ලංකාවේ ඓතිහාසික වර්ධනය තුළ අතිශයින් වැදගත් වුව ද එතරම් ප්රචලිත නොවන මෙම ජනතා නැගිටීමේ සැඟවුණු ඉතිහාසය, VOC නමින් ප්රකට, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ දැවැන්ත සංරක්ෂිත අභිලේඛන එකතුව භාවිත කොට සම්පාදනය කර ඇති මෙම කෘතිය මගින් නිරාවරණය කෙරේ.
Out of stock










Reviews
There are no reviews yet.