Keheli.lk

20% OFF

Manarin Madure Abirahasa-මැනරිං මැදුරේ අබිරහස

රු552.00

ඒ අවස්ථාවේ දී මම, සැඟැව හුන් තිරපට පිටිපසින් ඉවත් ව අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දැයින් සන්ත්‍රාසයට පත් ව මම වෙවුලුම් ගත් සිරුරින් යුතු ව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේ ය. ඔහු ගේ පිටෙහි විශාල මොල්ලියක් මතු ව ගියා සේ පෙනෙන තුරු ඩ්‍රෙසිංගවොම ඉහළට ඇදී ගුළි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත් නාසය මත රැඳී තිබිය දී ම ඔහු ගේ හිස පසෙකට ඇල වී, එල්බෙමින් තිබුණු අතර, මැරුණු මාළුවකු ගේ මෙන් ඔහු ගේ කුඩා මුඛය විවර වී තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර තැනෙකින් ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත්, තව දුරටත් ගෙබිම මතට ලේ වැගිරෙන හඬ මට ඇසිණ. ඉටිපහනෙහි ආලෝකය මුළුමනින් ම ඇය ගේ මුහුණ මත පතිත වද්දී, ඈ ඔහු පිටිපසින් සිට ගෙන වී හුන්නා ය. දෙතොල එකට තද වී ඇය ගේ දෑස දිලිසෙමින් පැවති අතර, ඇය ගේ දෙ කොපුල මතට යම් තරමක පැහැයක් පැමිණ තිබිණ. කෙදිනෙක හෝ මා දැක සිටි මැදිවියේ පසු වූ සුන්දරතර ගැහැනිය ඇය බවට පත් කිරීමට ඒ අවස්ථාවට ඇවැසි වූවා සේ විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Manarin Madure Abirahasa-මැනරිං මැදුරේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat