Keheli.lk

10% OFF

Man Ena Thuru – මං එන තුරු

රු1,440.00

මා කුඩා කල බොහෝ දේ ගැන විවිධාකාරයේ ප්‍රශ්න මගේ සිත තුළ ඇති වුවත්, ඒවා මගේ සිතේ ඉපදී, ඒ තුළම මිය ගියා මිස, වචන බවට පෙරළුණේ නැත. එම වචන ඇසීමට හෝ පිළිතුරු දීමට කෙනකු මට නොවීය. හදවතේ සිර වී තිබුණු එම සිතිවිලි එහිම තැන්පත් වී සිඳී බිඳී ගිය ඒවා බවට පත්විය.

පාසලේ අනිත් ළමයින්ගෙන් අප වෙනස් වන්නේ කෙසේද?

අපිට අනිත් ළමුන්ට මෙන් පවුලක් සහෝදර සහෝදරියන් නැත්තේ ඇයි? ආදී මා දුටු සමාජමය ප්‍රශ්න පමණක් නොව, කුරුල්ලන්ගේ භාෂාව කුමක්ද? ගෙම්බන්ගේ භාෂාව උන්ට විතරද තේරෙන්නෙ? වැනි දාහක් ප්‍රශ්න මගේ සිතේ ඉපදි එහිදීම ඒවා මිය ගිය අයුරු මම දනිමි.

මට අහිමි වූ එම භාග්‍යය මතක් කරගත් මා, දමින් දරුවාට ඒ කිසිදු දෙයකින් අඩුවක් ඇති නොවන ලෙස, ඔහු පිරිපුන් බුද්ධියකින් යුතු දරුවකු කිරීමට, මට කළ හැකි සැම දෙයක්ම කළෙමි.

එක් අතකින් අපට පාසලේදී දරුවකු බුද්ධිමත් දරුවකු ලෙස ඉදිරියට ගෙන යාමට, පාසල විසින් ම ඇති කරන ලද තහංචි බලපායි. විෂය නිර්දේශ අනුව, නියමිත පාඩම් කොටස් අධ්‍යයනය තුළින්, පිරිපුන් දරුවකු බිහි කරනු විනා, නිදහස් චින්තකයකු ලෙස, බුද්ධිය මෙහෙය වන දරුවකු බිහි කිරීම පාසල මගින් සිදු නොකරයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Man Ena Thuru – මං එන තුරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat