Keheli.lk

10% OFF

Makbath – මැක්බත්

රු495.00

” මැක්බත් ” නාට්‍යය විලියම් ශේක්ස්පියර් මහා කවියාගේ ශ්‍රේෂ්ඨ ශෝකාන්ත සතරෙන් එකකි. අනෙක් මහා ශෝකාන්ත තුන නම් “ඔතෙලෝ” “ලියර් රජ ” සහ “හැම්ලට් ” ය. මැක්බත් ශෝකාන්තය විවිධ විචාරකයන් විසින් විවිධ අන්දමින් වර්ණනා කර ඇත. ඇතැම් විචාරකයන්ගේ මතය අනුව ඉංග්‍රීසි නාට්‍ය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම නිධානය ” මැක්බත් නාට්‍යය යි. එයට සමාන කිරීමට මුළු මහත් ඉංග්‍රීසි සාහිත්‍යයේ එක ද කෘතියක්වත් නැත. ඇතැම් විචාරකයන්ගේ මතය අනුව ” මැක්බත් ” නාට්‍යයේ යම් යම් දුර්වලතා දකින්නට ඇත. එ සේ වුව ද, ” මැක්බත් ” නාට්‍යය ශ්‍රේෂ්ඨ ගෝකාන්තයක් බව සෑම විචාරකයකු ම පිළිගෙන ඇත. බිහිසුණු වාතාවරණයක මෙතරම් වේගයෙන් ධාවනය වන අන් කිසි ම ශේක්ස්පියර් නාට්‍යයක් නම් නැත.

මේ සිංහල පරිවර්තනය සම්පූර්ණ ය; අසංක්ෂිප්ත ය. ශේක්ස්පියර් ගේ විවෘත පද්‍ය මෙහි දී සිංහල ගී පද්‍ය වලට නැගී ඇත. ඉංග්‍රීසි ගද්‍ය ඛණ්ඩ සිංහල ගද්‍ය ඛණ්ඩ වලට පෙරළී ඇත. “ඔතෙලෝ” සිංහල පරිවර්තනය මෙන් ම මෙය ද අංග සම්පුර්ණය. දීර්ඝ ප්‍රස්තාවනාවකින් ද ගැට මුසු තැන් පහදාලන පරිකථාවකින් ද මේ පරිවර්තනය යුක්තය. ශේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨත්වය සිංහල පාඨකයා වෙතට ගෙන එන මේ පරිවර්තනය නවතාවෙන් යුතු ව රස විඳිය හැකි ය

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Makbath – මැක්බත්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat