නැසී ගිය කලාගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ කණිෂ්ඨ පුත්‍රයා වන පුණ්‍යසේන ගුණසිංහ මහතා සිය පියාගේ අඩිපාරේ යමින් නාඩගම් කලාව පිළිබඳ නිපුණත්වයක් ලබාගත්තෙකි.
‘මීදුම ‘ ‘ගංතෙර හොල්මන´ යන තාත්වික නාට්‍යවල ද සැනසුම’ කෙටි චිත්‍රපටයේ ද සංගීත අධ්‍යක්ෂණය කර ඇත. අනතුරුව ‘සපුමල්’ ‘සක්වාලිහිණි’ ‘පද්මමාලා’ යන නාට්‍යවල ද සිය සොයුරු නෝමන් ගුණසිංහ සමග සංගීතය නිර්මාණය කිරීමට සහාය විය.
පසුව සිය පියාගේ රචනාවලට අතගැසූ මොහුගේ පළමු නිෂ්පාදනය ‘දික්තල කාලගෝල’ නාට්‍යයයි. මොහුගේ නව සංගීත නිර්මාණයන් ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ උපදේශකත්වය යටතේ නිෂ්පාදනය වූ ‘මිණි සළඹ’ නාට්‍යයේ ය. නාඩගම් හා නූර්ති ගීත ඇතුළත් ‘මොරොට්ටු ගම්මන´ කැසට් පටය ද ගුණසිංහගේ ඉතා ජනප්‍රිය එකක් විය. ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කළ ‘වෙස්සන්තර’ නාට්‍යය මොහු අතින් නිමවූවකි. වෙනස් මඟක් ගත් ‘කැකිල්ලේ’ ද මොහුගේ නව නිපැයුමකි. රාජ්‍ය මුද්‍රණ නීතිගතසංස්ථාවේ ක්‍රීඩා සමාජය මගින් ඉදිරිපත් කළ ‘බන්දන’ ශෛලීගතනාට්‍යය ද මොහුගේ අධ්‍යක්‍ෂණයකි. මොහු විසින් සිංහල නාඩගමේ ගී සරණීය නමින් නාඩගම් ගීත 100 ක් හා මද්දල තාල ප්‍රභේද ග්‍රන්ථයක් ද එළිදක්වා ඇත.










Reviews
There are no reviews yet.