Keheli.lk

10% OFF

Makaranandaya – මකරානන්දය

රු1,125.00

2019 වසරේ ,රාජ්‍ය සහිතය සම්මාන ,විද්‍යොදය සාහිත්‍ය සම්මාන,ගොඩගේ සාහිත්‍ය සම්මාන .

“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ” ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. “උඹට කියන්ට සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.” රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි.
සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත. “ඔන්න මුලින් ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන.
මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවෙ ගිනි බෝලකාරයො. උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්ත. මට තවත් බය හිතුන.
තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදා ගන්න. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තෙ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි.
අනේ මං පෙරහැරේ ලස්සන දැක්කෙ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්ම වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැ ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”සුගුනී බුලත් කෙළ පහරක් සමග හිනාවක් මිදුල මැද්දට විද්දාය.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Makaranandaya – මකරානන්දය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat