Keheli.lk

15% OFF

Lingikathwaya saha yuwala sambandatha – ලිංගිකත්වය සහ යුවල සම්බන්ධතා

රු425.00

විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ගෞරව සාමාර්ථ්‍යය ලබා ඉතා කෙටි කලකින් මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි වෛද්‍යවරයෙකි. මනෝවෛද්‍ය විද්‍යාව හදාරණ මුල් අවධියේ සිට ලිංගිකත්වය සහ යුවල ගැටලු කෙරෙහි අධ්‍යයන කටයුතු වලට උනන්දුවක් දැක්වූ ඔහු සිය විෂය ක්‍ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කර ගැනීම ලන්ඩන් නුවර මොක්ස්ලි (Maudsly) රෝහලේ පශ්චාත් වෛද්‍ය උපාධි හැදෑරීම් කරන අවධියේදී තවදුරටත් සිදු විය.
ලන්ඩන් නුවරදීත්, ශ්‍රී ලංකාවේදීත් ලිංගිකත්වය සහ ‍යුවල ගැටලු සායනික අත්දැකීම් රාශියක් ලබා ගෙන ඇති ඔහු, සිය දැනුම නිරන්තරයෙන්ම වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ඛෙදා හදා ගනිමින් සිටී. ඒ අතරම විවිධ ජනමාධ්‍ය තුළින් ජනතාවගේ මනෝ විද්‍යාත්මක දැනුමත්, ලිංගික සෞඛ්‍ය අවබෝධයත් පුළුල් කිරීමට ඔහු විසින් මහත් දායකත්වයක් ලබා දී ඇත. එසේ විවිධ අවස්ථාවලදී ජනමාධ්‍යයන්හි පළවූ ලිපි ලේඛන හා සාකච්ඡා ඇසුරෙන් මෙම පොත සංස්කරණය කර තිබේ.
මෙම පොතෙන් ප්‍රජනක සෞඛ්‍යයේ මූලිකාංගත්, මානව ලිංගිකත්වයේ වෛද්‍ය විද්‍යාත්මක පසු බිමත් ඉතා සරලව හුවා දක්වා ඇත. ඒ අතරම මානව කුතුහලය හැම විටම දැක්වූ විරල ලිංගික රාටාවන්ද මනා ලෙස පිළිඹිබු කර ඇත. මෙම විෂය ක්‍ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාව තුළ සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින් විය හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Lingikathwaya saha yuwala sambandatha – ලිංගිකත්වය සහ යුවල සම්බන්ධතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat