Keheli.lk

10% OFF

Shunya- ශූන්‍ය

රු432.00

සුදම් එස්, පහළගම මහා විසල් රුකකි. එහි නෙක අත විහිදි අතු අතර ඇති පල එකිනෙකට වෙනස්ය. රසද වෙනස්ය. එහෙත් ඒවාට අනන්‍ය වූ රසයන්ගෙන් අනූනය.අපූර්වත්වය එයය.

මාධ්‍යකරුවෙක්, ප්‍රසංග කළමනාකරුවෙක්, නාට්‍යකරුවෙක් මාධ්‍ය සම්බන්ධීකාරකයෙක්, මෙන්ම ගුරුවරයෙක් හැටියට ඔහු භූමිකා ගණනාවක සාර්ථක වූ අයෙකි. ඒ සම්බන්ධ න්‍යායාත්මික සහ අධ්‍යාත්මික ආභාෂය ලබන්නට ඔහුට ඒ,ඒ කේෂ්ත්‍රයන්හී දැවන්තයන්ගේ සෙවණ ලැබිණි.

ඔහුගේ විශේෂත්වය වන්නේ, එකිනෙකට වෙනස් ඒ සෑම කේෂ්ත්‍රයකම ඔහු පෙන්වන දැවන්තකමය. එසේම ඒ කිසිවක් එකිනෙක පටලවා නොගෙන, සියල්ලම සාර්ථක කර ගන්නට ඔහු තුළ ඇති සංයමයය. සංවරයය. ශික්ෂණය සහ සූරකමය.

සියල්ලට වඩා වැදගත් සුදම්, සුධාර්මිකයෙක් ලෙස සියල්ලන් කෙරෙහි පාන මිත්‍රත්වය සහ සහෝදරකමය. එවැනි අපූර්ව විශිෂ්ඨ සහෘදයෙකුගේ පළමු සාහිත්‍ය ප්‍රසූතියේ සාක්ෂිකරුවෙක් ලෙස මේ අකුරු ටික තබන්නට හැකිවීම මම ලැබූ මහත් භාග්‍යයක් කොට සළකමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Shunya- ශූන්‍ය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat