Lankawe Kunuwema ලංකාවේ කුණුවීම
රු855.00
ලංකා රාජ්‍යයේ හා ආයතන ක්රමයේ ඇති වී තිබෙන කුණුවීම හා ඒ ආශ්රයෙන් ඇති වී හැම තැනකම දක්නට තිබෙන අරාජකත්වය නිදහසේ දී හෝ ඉන්පසු මහා පරිමාණයෙන් ඇතිවන ලේ වැගිරීම් වලින් පසුව හෝ රාජ්‍යයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය සමහර ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත් වීම නිසා ඇති වී තිබෙන විශේෂ ඓතිහාසික තත්ත්වයන් ලෙස සැලකිය හැකිය.
ඇති වී තිබෙන එම කුණු වූ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ව්‍යුහමය වෙනස් කම් ඇතිකර ගැනීමට ලංකාව අසමත් වෙතොත් ලංකාව පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පවා තල්ලු වී යා හැකිය. මෙම කෘතිය එම බරපතල ප්රශ්නය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීම පිණිස සකස් කරන ලද්දක් ලෙස සැලකිය හැකිය.
මෙම පොත අලුතෙන් ලියන ලද්දක් නොව, එම ප්රශ්නය ගැන මා විටින් විට ලියන ලද ලිපි නැවත සලකා බලා කපාකොටා සංස්කරණය කිරීමෙන් හදාගත් කෘතියක් ලෙස සැලකිය හැකිය.
මෙම පොත ඇති වී තිබෙන කුණුවීමේ විශේෂ ස්වභාවය ගැනත්, එය ඇති වීමට බලපා තිබෙන ඓතිහාසික හේතු සාධක ගැනත්, එය ගමන් කරමින් තිබෙන දිසාව ගැනත් එම තත්ත්වයෙන් ලංකාව ගලවා ගැනීමට අවශ්‍ය නම් තෝරාගතයුතුව තිබෙන මාවත ගැනත් පැහැදිලි අවබෝධයක් ඇතිකර ගැනීමට අවශ්‍ය තොරතුරු වලින්ද විග්රහාත්මක ප්රවේශයකින් ද යුතුය.






Reviews
There are no reviews yet.