Lankawe Pruthugisi Yugaya 2 – ලංකාවේ පෘතුගීසි යුගය 2
රු1,912.50
පෝල් ඊ. පීරිස් විද්වතාණන් විසින් CEYLON – the Portuguese Era යනුවෙන් ඉංග්‍රීසියෙන් රචිත ග්‍රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප්‍රකාශයට පත් කරන ලදි.සම්මානලාභී පරිවර්තක ප්‍රේමචන්ද්‍ර අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග්‍රන්ථයේ දෙවැනි කාණ්ඩය දැන් මෙසේ ඉදිරිපත් කරමු.වර්ෂ 1505 දී අප රටට කඩා වැදුණු පෘතුගීසීන් මීගමුවේ සිට ගාල්ල දක්වා මූදුබඩ ප්‍රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාලනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝද යත්, සිංහල මවුවරුන් අතේ සිටි බිළිඳුන් පැහැර ගෙන ගල් රෝලවලට වීසි කොට “තොපගේ පැටවුන් තලප වන හැටි බලා හිඳ ඉන් පසු තොප ද මැරියවු” යනුවෙන් පවසමින් ඒ බිළිඳුන් හා මවුවරුන් ඝාතනය කළහ. පෘතුගීසීන්ගේ අන්ත අමානුෂිකත්වය පිළිබඳ තවත් එවැනි උදාහරණ කීපයක්ම මෙම කෘතියෙහි ඇතුළත්ය.










Reviews
There are no reviews yet.