Keheli.lk

10% OFF

Kumarihami – කුමාරිහාමි

රු1,260.00

නාවිමන මහාරාජ විද්‍යාලයෙන් සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රියංකා අමරතුංග විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසියාය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමා ධාරීනියක්ද වෙයි.

” මිහිර’ ළමා පුවත්පතෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ ප්‍රියංකා”නවලිය” “රැජිණ ” “තරුණි” යන කාන්තා පුවත්පත් සඳහා සහ ‘රිවිර * ජාතික පුවත්පත සඳහා සිය නවකතා වලින් දායක වූවාය.

විසි වසරක ගුරු ජීවිතයෙන් සමුගත් ප්‍රියංකා, සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතාකරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහාද දායක වී ඇත. සුදු අරලිය, හිරුට පිපෙන සූරීය කාන්තා, බොල් වී අහුරු, ප්‍රියංකා අමරතුංග ලියූ ටෙලි නාට්‍ය කීපයකි.

චෛතිහාසික තොරතුරුත්, වර්තමානයත් සංකලනය කරමින් ප්‍රියංකා අමරතුංග විසින් ලියන ලද ‘කුමාරිහාමි ” “රිවිර ” ඉරිදා ජාතික පුවත්පතේ අතිරේකය සඳහා ලියන ලද නවකතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kumarihami – කුමාරිහාමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat