Keheli.lk

10% OFF

Kumara Kobei – කුමර කොබෙයි

රු1,080.00

නිහඬ ගති පැවතුම් ඇති, කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා, කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය. අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමෙරිකානු භූමිය මත ඇදෙන ඒ සතියක ගමන ඇයට අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය; හදවතේ ගැඹුරද, ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය. සිය පමා වූ විවාහය තුළ තිබූ අවනම්බුව, මංමුලාව, අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප්‍රමෝදය, මිත්‍රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද, ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි.වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අපේ පැවැත්මේ නූතන පැතිකඩක් ආකර්ෂණීය මෙන්ම ශෝකාත්මක හඬකින් අපූර්ව ලෙස ගෙත්තම් කරමින්, කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අත හරින මෙම නවකතාව, සන්තුෂ්ටිය සොයා යන ලාංකික මිනිස් සමාජයක් අත්දකින ආලෝකය හා අඳුර නිරාවරණය කරන්නේ ජීවිතය යනු මහාද්වීපික ගමනක්ම බව පසක් කරමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kumara Kobei – කුමර කොබෙයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat