Keheli.lk

20% OFF

Kuluharak – කුළුහරක්

රු800.00

ඇන්ටන් බී. පෙරේරා චිත්‍රකතාවෙන් නවකතාවට පැමිණ සිටියි. ජවාධික අසරුවන් මත නැගි, බඳපටි පතුරම් පටි අග පිස්තෝල එකක් හෝ දෙපස පිස්තෝල දෙකක් රඳවාගත් සහ ක්ෂණයකින් ඒ වෙන අත ගෙන යා හැකි විස්මිත තීක්ෂණ ඇමරිකානු ගොපලූ වෙඩික්කාර අසරුවන් තෙලිතුඩෙන් මැවූ ඔහු;
බටහිර මහද්වීපයක ඈත කෙළවරක, නවීන පන්නයේ ගිනි අවිවලින් සන්නද්ධව, හාලි ඩේවිඩ්සන් යතුරුපැදිවල නැගී හෝ අධිවේගී ඩිෆෙන්ඩරවල නැගී කර්කෂ කඳුකර වියළි මාවත්වල දුහුවිලි අවුස්සාලමින් ඉගිලෙන පාතාල කණ්ඩායම් ද, එකී යන්ත්‍ර සූත්‍ර හා අවි ආයුධ ද පමණක් නොව, විස්කි වීදුරු පවා දශමයෙන් දශමයට සවිස්තරාත්මකව සිතුවම් කළ ඔහු;
අග්නිදිග ආසියාතික සටන් කලාවන්ගේ අනන්තය සොයා ගිය විදුලිය සදිසි මිනිසුන්ගේ විස්මයජනක සටන්කාමී අංග චලනයන් රූප රාමුවෙන් රාමුවට චලනය කරමින් ලංකාවේ චිත්‍රකතාවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සිතුවම් ගෙන ආ ඔහු; නවකතාව වෙත පිවිස තිබේ.
ඒ, මීට වසර ගණනාවකට පෙර සිත්තර පත්තරයට ඔහු නිර්මාණය කළ කුළු හරක් චිත්‍රකතාව, නවකතාවක් බවට පත් කරමිනි. බටහිර සංස්කෘතිය මත ගොඩ නැගෙන කතාවක් වුවද, එය ස්වතන්ත්‍ර නිර්මාණයකි.
එදා සිත්තර පත්තරයේදී ඇන්ටන් බී. පෙරේරාට අවසන් කොටස් සිතුවම් කළ නොහැකි වූ කතාව අවසන් කළේ එවකට චිත්‍රකතා සින්තරකු වූ, අද ඔබ අප හොඳින් දන්නා විශිෂ්ට රංගධර ජැක්සන් ඇන්තනී ය.
ජැක්සන් කුළු හරක්ට දුන් අවසානය, ඇන්ටන් සැලසුම් කළ අවසානය නොවේ.
එකී අවසානය ද සහිතව කුළු හරක් නවකතාව දැන් ඔබ අතට පත්ව ඇත.
ඇන්ටන් බී. පෙරේරාගේ නව රූපාන්තරණය ඔබ කිසිසේත්ම මග නොහැරිය යුතු ය.
කුළු හරක් හඹා යන්න පෙර නොවූ විරූ අද්දැකීමක් ඔබ ලබනු නිසැක ය.

-විමල් කැම්පෙආරච්චි-

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Kuluharak – කුළුහරක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat