Kotte – කෝට්ටේ
රු855.00
කෝට්ටේ යනු යථාර්ථයත් අධියථාර්ථයක් එකට මුසුකරන කතාවකි. ඇත්තෙන්ම සාහිත්ය වනාහි මිනිස් හැඟීම්, දැනීම් ද, අදහස්, උදහස් ද කලාත්මකවත්, නිර්මාණශීලීවත් ප්රකාශවන අඩවියයි. ඊට, අතීත, අනාගත හෝ වර්තමාන භේදය වලංගු නොවන්නේ එබැවිනි.
එනයින් සාහිත්ය ලෝකය වනාහි යථාර්ථයේ විවිධ පිළිබිඹුවන්ය. ඊට නම්ගොත් පටබඳින්නේ අපමය. ඇතැම් විට ඒ ලේඛකයා නැතහොත් පාඨකයාය. එසේ නැත්නම් විචාරකයාය. සාහිත්ය ශානර විවිධ විය හැකි වෙතත් වඩා වැදගත් වන්නේ ලේඛකයාගේ සිතෙහි උපන් අනුභූතිය හෝ අදහස සහෘද පාඨකයාගේ ප්රඥාවත් ආනන්දයත් උදෙසා සාහිත්යානුරූපීව දානය කිරීමය.
ඒ අර්ථයෙන් ගත් කළ කෝට්ටේ නවකතාව පාඨක ලෝකයට නූතනයත්, කෝට්ටේ යුගයේ ඓතිහාසිකත්වයත්, සීගිරි පුරාවෘත්තයනුත් එකට කැටි කරන කලාත්මක ප්රකාශනයක් වැනිය.
සේනසිරි නමැති මානවකයෙකු කේන්ද්ර කර ගන්නා මේ කතාව ගොඩ නැගෙන්නේ එකම කාලාවකාශයක වීම ද විශේෂත්වයකි. මේ එකම කාලාවකාශය යනු අනෙකක් නොව, සිය ගරා වැටෙන කෝට්ටේ මහ ගෙදර නිදන කාමරය මතුයෙහි වැතිර කල්පනා ලොවට සමවදින කතානායකයාගේ මනෝ ප්රක්ෂේපනයයි.










Reviews
There are no reviews yet.