Kibula කිඹුලා
රු1,200.00 රු1,080.00
පූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්‍යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්‍යයේ ප්‍රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙක් අවස්ථා දෙක වන්නේ ග්‍රීක සාහිත්‍යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්‍ය ලියූ යුගය යි. රුසියානු නව කථාව මිනිස් ජීවිතයේ අදෘශ්‍යමාන අභ්‍යන්තරයේ රැඳී ඇති දෑ. කෙතරම් සියුම් ලෙස චිත්රණය කොට ඇත් ද යන්න ප්‍රකට කරුණකි. එහෙත් රුසියානු කෙටි කථා තුළ පවතින අතිප්රබල මානුෂීය ලක්ෂණ, තවමත් සිංහල පාඨක ලෝකයේ පුළුල් අවධානයට ලක් වූයේ ද යන පැනය මතු වන අතර එයට පිළිතුරක් ලෙස මේ රුසියානු කෙටිකථා සංග්‍රහය දැක්විය හැකි ය. ඩොස්ටොයෙව්ස්කිගේ Crocodile (කිඹුලා) කෙටි කථාව රුසියානු රාජ්‍ය නිලධාරීන් ගේ ආකල්ප හා මනෝභාව උපහාසයට ලක් කරන අතර ලියොනීඩ් ඇන්ඩ්රියේව් හා සේකෝවු ගේ කථා තුනෙන් ද එළිදරව් වන්නේ, මිනිස් සිතඅරක් ගත් ප්‍රබල චිත්තාවේග වල ස්වභාවය යි.
Related products
-
15% OFFRead more

Out of stock
- Add to cart
- Add to cart
-
10% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.