Katharagama Dewiyo – කතරගම දෙවියෝ
රු540.00
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මත වාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජනප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධුරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.
තරිඳු බණ්ඩාර ආගම අභිචාර විශ්වාස පිළිබඳ මානව විද්‍යාත්මක නිරීක්ෂණ ඔස්සේ තත් ක්ෂේත්රයට නව දැනුමක් එක් කළ හැකි දීප්තිමත් තරුණ පර්යේෂකයෙකු බව මෙම කෘතියෙන් කදීමට පළකර ඇත







Reviews
There are no reviews yet.