Keheli.lk

15% OFF

Kaspiyan Kumaraya – කැස්පියන් කුමාරයා

රු1,020.00

පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල් මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රී විභූතිය වෙත යළි එසැවීමට නම් පිවෙන් සිලා කැස්පියන් නමැති ටෙල් මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!

සී.එස්. ලුවිස් නමැති අග්‍රහණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙවැන්න වන කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැගී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳව දිනා ගත්තකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kaspiyan Kumaraya – කැස්පියන් කුමාරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat