Kantharaye Kusuma-කාන්තාරයේ කුසුම
රු960.00
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක වන අතර, මිනිස්අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳනා හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැක ය.
වාරිස් ඩයිරි අපූර්ව හා ධෛර්යය සම්පන්න චරිතයකි. බොහෝ දෙනෙකු පරාජයට පත් කළ හැකි බාධකයන් ජයගෙන ඇති වාරිස්, කාන්තා ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක ලෙස, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් දුරුකරලීම සඳහා වන සටනේ නායිකාවක ද වන්නී ය.
Reviews
There are no reviews yet.