20% OFF
Kalaniwali express – කැලණිවැලි එක්ස්ප්‍රස්
රු680.00
කිසිම වේදනාවක් නැතුව ඒක සිද්ධ වුණා. ලොකු වියන් ඇඳක් පාමුල බිම දාපු මෙට්ටයක් උඩ
තමයි මම ගැනියෙක්වුණේ. එහෙම වෙනකොට මට රිදුනෙත් නෑ, එහෙමම කියලා සනීපයක් තිබුනෙත් නෑ. ඒක නිකම්ම වුණා. විශ්ව, කිලෝමීටර තුනක් විතර දුවපු බල්ලෙක් වගේ කෙඳිරිගාන්නයි, හති දාන්නයි පටන් ගත්ත එක විතරයි අන්තිමේ දී සිද්ධ වුණේ.ඒ මාහැඟි කර්තව්‍යය ඉවර වුණාට පස්සේ විශ්වට ලැජ්ජා හිතෙන්න පටන් ගත්තා. ඒ වගේම එක පාරටම ළමයි තුන් දෙනෙක් විතර ඉන්න ගෑනියෙක්ව කසාද බැඳපු මිනිහෙකුගේ ඔළුවට එන බරපතළ කමක් එයාගෙන් පේන්න පටන් ගත්තා. මම හිතන්නෙ විශ්ව ලොකු ළමයෙක් වුණේ එදා කියලයි.








Reviews
There are no reviews yet.