20% OFF
Jane Eyre-ජේන් අයර්
රු552.00
සියල්ල දරාගෙන මම පරාජිත වූ ද, හුදකලා වූ ද, ජීවිතයකට හැඩගැසෙමින් උන්නෙමි. මගේ පුංචි බෝනික්කා උකුළෙහි තබාගෙන ගිනි උදුන ළඟ හිඳගෙන ඉන්නා විට එහි උණුසුම අඩු වුණොත් පෝරනය තුළට ගුළිවී පාළු අඳුරේ තනිවීම මගේ පුරුද්දක් විය.
මා නිදාගන්නා විට ද බෝනික්කා ළඟින් තබා ගැනීම මගේ සිරිතක් විය. මනුෂ්‍යත්වයේ නාමයෙන් මට ආදරය කිරීමට සිටියේ මේ බෝනික්කිය පමණකි. ඇයගේ ඇඳුම් සායම් දියවූ පැරණි ඒවාය. නමුත්, මම ඇය ආදරයෙන් රැක බලා ගතිමි. දකින ඕනෑම කෙනෙකුට අප්‍රසන්න ලෙස පෙනුණද මට නම් මේ බෝනික්කිය ළඟ නැතිනම් නින්ද යන්නේ නැත. ඇය සමඟ තුරුලු වූ විට මට උණුසුම හා රැකවරණය මෙන්ම පරිපූර්ණ බවක් දැනෙයි. මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට ජීවත් වීම සඳහා සතුට අවශ්‍ය දෙයකි. මා එම සතුට යම් පමණකින් හෝ ලැබුවේ මේ බෝනික්කිය නිසාය.









Reviews
There are no reviews yet.