Keheli.lk

10% OFF

Hitler ella marai – හිට්ලර් එල්ලා මරයි

රු2,250.00

නට්සි රාජ්‍යය තුළ සියල්ල සිදු වූයේ තනි මිනිහකුගේ හිතුමනාපයට ය. මෙලෙස දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරු ව, සුප්‍රකට නිව්රම්බර්ග් නඩු විභාගයේ දී ගෝරිං සහ ජර්මානු නායකයෝ සියලු පාපදෝස හිට්ලර් උර මත තැබූහ. එවන් බලයක් මිට මොළවා ගැනීමට – මිට මොළවා ගත් බලය දැඩි ව රඳවා ගැනීමට ඔහු සමත් වූයේ කෙසේ ද?
යුරෝපය යළි නැඟිටිනු ඇත. එහෙත් 1789 ප්‍රංස විප්ලවයෙන් ආරම්භ වී 1939 දී හිට්ලර්ගේ සංග්‍රාමයෙන් කෙළවර වූ යුරෝපය නම් ඉදින් දැක්මක් නොවන්නේ යයි ඉතිහාසඥයෝ කියති. එසේ පවසන ඉතිහාසඥයෝ මෙවැනි බසක් ද දොඩති. “ඔබ හිට්ලර් වෙනුවෙන් ඉදිවුණු ස්මාරකයක් සොයන්නේ නම් පොඩ්ඩක් හතර වටේ බලන්න. මෙම නවකතාවට වස්තුවන්නේ ඒ තනි මිනිහාගේ ජීවන පුවත ය.
එවැනි ආඥාදායකයන් ඕපපාතික ව බිහි වී පෝෂණය වන අද්භූත සත්ත්ව විශේෂයක් නොවේ. ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය අව් වැසි සුළං සපයා අම්ලකරය පිඹිනුයේ ද අප අප ම ය.
එසේ ම පළා යා නොහෙන තවත් ප්‍රශ්නයක් මේ සියල්ල නඟයි. තමා ජීවත්වන සමාජය හා පුරවැසියකු අතර පවත්නා සම්බන්ධතාව කවරේ ද? ස්වකීය ක්‍රියා සම්බන්ධයෙන් ඔහු කොතෙක් දුරට වගකිව යුත්තේ ද? පවත්නා සමාජීය හෝ
දේශපාලනමය හෝ පැවතුම් හා අනුසාරික වීමෙන් කෙතරම් දුරට ඔහුට පෞද්ගලික වගකීමෙන් නිදහස් විය හැකි ද? ඔහුගේ රජය සමස්ත සමාජයේ යහපත අරමුණු කොට ගෙන යයි මුවාවෙන් පනවන නීතියක් තමන්ගේ විශ්වාසයන් හා ඝට්ටනය වේ. නම් ඔහු ඊට විරෝධය පෑ යුතු ද? එසේ වී නම් කවදා ද? කෙසේ ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Hitler ella marai – හිට්ලර් එල්ලා මරයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat