Keheli.lk

10% OFF

Hiru Madala – හිරු මඩල

රු1,008.00

හිරු මඬලක් සේම ප්‍රභාමත් යෞවනයක් උරුම නොවූ ගොවි ජනපදවාසී යෞවනයාගේ අඳුරත්, කඳුලත් පාඨක දෑසට ගෙනහැර පාන හිරු මඬලද සජීවී බස් වහරින් සහ අව්‍යාජ චරිත නිරූපණයත් කදිමට සිත්තම් කළ සිතුවමකි.

අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානයක. රිචඩ් – රාජිනි සමරු උළෙලේද, ස්වාධීන සාහිත්‍ය උළෙලේද, කවි, කෙටිකතා සඳහා ජයග්‍රහණ ලබා ගත්තාය.

උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩි. විජයවර්ධන සම්මානය ඇය විසින් රචිත වරාමල් අත් පිටපතට හිමි විය. වරාමල් නවකතාව 1999 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි කරගත් අතර, වරාමල් සේම අග්නි, හැන්දෑව, දේදුන්න, ගිරිකුළ ටෙලි නාට්‍යයට නැඟිණ. ගොඩගේ සම්මානයද, ස්වර්ණ පද්ම සම්මානයද හිමි කර ගත් සංග්‍රාමය “ධවල ධූවිලි” චිත්‍රපටයට නැඟින. ඇයගේ පරඬැල් නම් වූ නවකතාව 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා නිර්දේශ වූවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hiru Madala – හිරු මඩල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat