Keheli.lk

15% OFF

Hada Pahana – හද පහන

රු935.00

බානු මුෂ්ටාක් හද පහන’ කෘතියෙන් දකුණු ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාවන්හි කාන්තාවන්ගේ සහ ගැහැනු ළමුන්ගේ එදිනෙදා ජිවිතය විශිෂ්ට ලෙස ග්‍රහණය කරගනී. 1990 සහ 2023 අතර කාලයේ මුලින්ම කන්නඩ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මේ කතා වල අන්තර්ගත කර්කශ හා සෞම්‍ය හාස්‍යය නිසා ඒවා දැඩි සම්භාවනාවට පාත්‍ර වුණි. පවුල් සහ ප්‍රජාවන් තුළ පවතින ආතතීන් මූර්තිමත් කෙරෙන එම කතා මුෂ්ටාක් මාධ්‍යවේදිනියක සහ නීතිඥවරියක ලෙස කටයුතු කළ කාලය පුරා ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිට ජයග්‍රහණ අත්පත් කර දෙමින්, සියලු ආකාරයේ කුල හා ආගමික පීඩනයන්ට විරෝධය පළ අයුරු සාක්ෂි සහිතව ගෙනහැර දක්වයි. හාස්‍යෝත්පාදනය, සජීවී බව, කතා ව්‍යවහාරානුගත බව. කම්පනය කරමින් හංවඩු ගසන සුලු බව එකවිට නිරූපණය කරන ශෛලියකින් ඇය තම චරිත පණපොවයි -ගිනිපුපුරු වැනි දරුවන්, නිර්භීත ආච්චි අම්මලා, බහුබූත මවුලවිවරුන්, මැර සොහෝයුරන්, බොහෝ විට අසරණ ස්වාමි පුරුෂයන් සහ සියල්ලන්ටම වඩා මහත් වන්දියක් ගෙවමින් තම හැඟීම් නොනැසී පවත්වා ගන්නා මව්වරුන් ගැන ලියන මුෂ්ටාක් විස්මයජනක ලේඛිකාවක සහ මිනිස් ස්වභාවය නිරීක්ෂණය කරන්නියක ලෙස ඉස්මතු වෙයි. ඇගේ කෘතිය ඉන්දියාවේ ගතානුගතික පාර්ශ්වයන්ගෙන් මෙන්ම කීර්තිමත් සාහිත්‍ය සම්මාන වලින් ද අපවාදයන්ට ලක්ව ඇත. මෙය වසර ගණනාවක් පුරා පාඨකයන්ගේ නොමඳ අවධානය දිනා ගන්නා කෘතියක් බවට පත් වනු නොඅනුමාන ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Hada Pahana – හද පහන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat