Keheli.lk

10% OFF

Guwane siti maraya-ගුවනේ සිටි මාරයා(Agatha christie)

රු1,161.00

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරික්‍ෂක කථා රැජිණ ලෙසය. ඉංග්‍රීසීයෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
ගුවන් යානයේ අංක 09 අසුනේ සිටි හර්කියුල් පොයිරෝට අනිත් මගීන් පැහැදිළිව පෙණින. ඔහුට දකුණු පසින් හිඳ සිටියේ ඉතාමත් ම සිත්ගන්නා සුළු තරුණියකි. ඇය, ඉදිරිපිට අසුනේ සිටි කඩවසම් තරුණයෙකු කෙරෙහි සිත් යොමුකරගෙන මත්ව සිටියා ය. මැද තිබුණු ප්‍රවිශ්ඨ මාර්ගයට එහායින් අංක 08 අසුනේ සිටි රහස් පරීක්ෂක නවකතා කරුවෙක් කරදර කාරී බඹරෙකු නිසා අපහසුවට පත්වී සිටියේ ය.
පොයිරෝට පිටුපස අංක 02 අසුනේ සිටි තරබාරු, අප්‍රාණික සිරුර ගැන ඔහු ඒ වන තුරුත් නොදන සිටියේ ය…..
සෑම විට ම මිනීමරුවන් ලුහු බැඳ අල්ලා ගන්නා පොයිරෝ පසුබෑමකට ලක්වූවේ ද? වරක් නොව දෙවරක් ම කියවා අපරාධය සිදුකළ අයුරු දැන ගන්න. අවසානය වන්නේ ඔබ කිසිසේත් නොසිතූ අයුරිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Guwane siti maraya-ගුවනේ සිටි මාරයා(Agatha christie)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat