Keheli.lk

20% OFF

Gimhana Siyapathak – ගිම්හාන සියපතක්

රු440.00

“හුස්මක් තරමට ” නවකතාව මුලින්ම එක හුස්මට කියවන්න හැකිවීමෙන් ලයන්ති නම් වු යොවුන් රචිකාවගේ ලේඛනය තුළ තිබුණ සාධනිය ලක්ෂණ හදුනා ගැනීමට මට හැකි විය. ලයන්ති ඉතා හෘදයාංගමව කතන්දර ගොතන්නියකි. සිය කතාවන්ගේ වියමන හෘදස්පර්ෂිත කරන්නට තරම් ලයන්ති සියුම් වන්නීය.

ප්‍රේම කතන්දර ගොතන්නියක ලෙස ලයන්ති කියවා ගත හැකි වුවත්, ඉන් ඔබ්බට විහිදෙන නවකතා ලිවීමේ සතත්තාභ්‍යාසයක් ඇය සතුව ඇති බව හදුනා ගත හැකිය.

ඒ නිසාම මා ලයන්තිට යෝජනා කළේ හුස්මක් තරමට නවකතාවට ඔබ්බෙන් නවකතාවක් ලියා තමන්ගේ නවකතා ගෙත්තම් කිරීමේ සීමාව අතික්‍රමණය කර තවත් ඉදිරි පියවරක් තබන ලෙසයි. ලයන්ති තමන් විසින් හුරු කරගනු ලැබූ අභ්‍යාසය කරමින් පැමිණි ලිවිමේ සහ සිතිමේ පිළිවෙත “ගිම්හාන සියපතක් ” නවකතාව ඔස්සේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කරගෙන ඇතැයි මට සිතේ. “ගිම්හාන සියපතක් සඳහා තෝරාගෙන තිබෙන ප්‍රස්තූතය පැරණි ලෝකය මෙන්ම නුතන ලෝකයේ පවා තිබෙන පුද්ගල සම්බන්ධකම් සහ ග්‍රාමීය පුද්ගල මනෝභාවයන්ය. ඒ ඔස්සේ පැන නගින සමාජ ව්‍යාකූලතාවන්, ගැටුමන් ලයන්තිගේ අභ්‍යාසයන් ඔස්සෙ නවකතාවක් බවට පත් කර තිබේ. කතාවේ ප්‍රධාන චරිතය වූ දුනුසිංහ ආරච්චිගේ හංසනා ගිම්හානි දුනුසිංහ ව සමාජ කියවීම ලයන්ති සිය ගෙත්තමට සෙමින් පොවයි. ගම, පාසල, සම්බන්ධකම්, දේශපාලන බල පුළුවන්කාරකම්, ඇති නැති පරතරයන් මේ සියල්ල භ්‍රමණය වෙමින් පවතින්නෙ හංසනා ගිම්හානි වටාය.

‘ගිම්හාන සියපතක්’ කියවා අවසන් වු පසු හිස්කමක් නොදැනෙන නවකතාවකි. පාඨකයාට ලයන්ති අවසන් කළ තැනින් තව ඉදිරියට යමින් නවකතාව තුළ ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසයි. පාඨක ඔබටත් එවන් හැඟිමක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව ගිම්හානයට පිපෙන මල් පවා වසන්තය ගැන සිහින දකින නිසාමය.

Reviews

There are no reviews yet.

Be the first to review “Gimhana Siyapathak – ගිම්හාන සියපතක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat