Keheli.lk

10% OFF

Gauthama budun wahanse-ගෞතම බුදුන් වහන්සේ

රු1,620.00

ගෞතම බුදුන් වහන්සේ ජම්බුද්වීපය නමිත් එකල හඳුන්වා ඇති ඉන්දියානු උපමහද්වීපයෙහි, මධ්‍ය දේශය නමින් ප්‍රකටව පැවති උත්තර භාභීය ප්‍රදේශය තුළ පහළවී තිබෙන ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසිකත්වය ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ ග්‍රන්ථයන්හි ඇතුළත්ව ඇති තොරතුරු වලින් ඉතා නිවැරදිව තහවුරු වී තිබේ. ප්‍රිපාවා ධාතු කරඬු සහ අසෝක සෙල්ලිපි වලින්ද, භාරුත්, සාංවේ. අමරාවතී. නාගර්ජුනි කොණ්ඩ සහ අජන්තා වැනි ස්ථාන රැසක නිම කොට ඇති බුද්ධ චරිතය ගෙන හැර දැක්වෙන ක්‍රිපූ යුගයට අයත් වන විවිධ කැටයම්, මූර්ති හා චිත්‍ර වැනි පුරාවිද්‍යාත්මක සාධක වලින්ද උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධය ඉතා හොඳින්ම පැහැදිලි වේ. බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයෙහිදී ඉන්දියාවේ පැවති සොළොස් මහා ජනපද පමණක් නොව බුද්ධ චරිතය සමග ඉතා සමීපව බැඳී තිබුණු ස්ථාන අතිවිශාල සංඛ්‍යාවක්ද මේ වන විට ඉතා නිවැරදිව හදුනා ගෙන තිබේ. පසු අවධීන්හිදී වෙනත් රටවල සිටි බෞද්ධයින් එවැනි ස්ථාන දැක බලා ගැනීම පිණිස ඉන්දියාවට පැමිණි එම තැන්වල පැවති ඓතිහාසික වැදගත්කම පිළිබඳව පමණක් නොව ඒවායෙහිදී ඔවුන් සියැසින් දැක ඇති දෑ ගැනද තම වාර්තාවන්හි හොඳින් කරුණු විස්තර කොට තිබෙනු දක්නට ලැබේ. එවැනි රටවලදී රචනා කොට තිබෙන බෞද්ධ ග්‍රන්ථ සමූහයකත් මේ හා සම්බන්ධ තවත් තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇති බව පෙනේ. එහෙත් බුදුන් වහන්සේ යනු ලංකාවේ ඉපැදී මෙහිම වාසය කොට ඇති ආගමික ශාස්තෘවරයෙකු වන බව අතිශය සාවද්‍ය අන්දමින් මෑතදී විස්තර කොට ඇති මීවන පලාතේ සිරි ධම්මාලංකාර හිමි ඇතුළු පිරිසක් සම්බුද්ධ චරිතයෙහි ඓතිහාසිකත්වය මුළුමනින්ම පාහේ විකෘති කිරීමට පටන් ගෙන තිබෙනු දක්නට ලැබේ. එබැවින් බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වයන් උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධයත් හොඳින් පැහැදිලි කොට ඊට එරෙහිව ඉදිරිපත් කොට ඇති දුර්මත ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක කරුණු ඇසුරින් කිසිදු පදනමකින් තොර නිසැකවම සාවද්‍ය ඒවා වන බව පෙන්වා දීම සදහාම මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Gauthama budun wahanse-ගෞතම බුදුන් වහන්සේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat