Keheli.lk

10% OFF

Gamanaka mula – ගමනක මුල

රු855.00

එක් දහස් නවසිය තිස් හතරේ අගෝස්තු මාසයේ – ග්‍රීෂ්ම නිවාඩු කාලය ලබා දින කීපයකින් ම මේ පවුල – වෙද මහත්තයා, ඉස්කෝලෙ හාමිනේ සහ දරුවන් ති දෙනා බර කරත්තයක නැඟී යටලමත්තේ සිට හැම්මැලිය තෙක් මෙ සේ ගමන් කළේ මේ නිවාඩු කාලය එහි ගත කරනු පිණිස ය. හැම්මැලියෙන් සැතපුම් දහයක් පමණ ඈතින් පිහිටි, ගිං ගඟ දිගේ පැමිණියොත් සැතපුම් හතකට වඩා දුර නොමැති යටලමත්තේ ගෑනු පාසලට මේ පවුල පදිංචියට ආවේ මින් පස් වසකට පමණ පෙර ය.

හැම්මැලියට ද වඩා පිරිසර පැත්තක් වන යටලමත්ත පිහිටා තිබුණේ ගාල්ලෙන් මයිල දහසයක් පමණ ඈතිනි. ගාල්ලේ සිට ඇතුමලය දක්වා වැටී ඇති පාර මායිම් කොට පිහිටි ඒ ගම කඳුවැටි විසින් වට කරනු ලැබ සිටි තැනිතලාවක් දෙණියක් වශයෙන් ඇඳින්විය හැකි ය. ඒ දෙණිය තැනිතලාව මැදින් ගලනා ඇළ අඳුන්වන ලද්දේ මාවන දොළ යන නමිනි. පාරට උඩින් පිහිටි කඳු වැටිය බෝවිටිය, කැකිල්ල ආදියෙන් පමණක් නො ව ක්‍රමයෙන් ඈතට විහිදෙත් ම කීන, ගොඩපර වැනි විසල් ගස්වලින් ද යුත් ඝන කැලෑවකින් වැසුණකි. එය එහා පැත්තෙහි ඇති නාකිය දෙණිය නමැති මහ කැලෑව හා එක් වෙයි. ගැමියන් විසින් ආණ්ඩුවේ කැලය නමින් අඳුන්වන ලද එය ඔවුන්ට තහනම් අඩවියක් විය.
කැලය මායිම් කොට පිහිටි පාර කළුගල් දමා තරමක් එකලස් කරන ලද්දේ මීට වසරකට පමණ පෙර ය. ඒ පාරෙහි කාරෙකක් ගියේ ඉතා කලාතුරකිනි. ඒ ද තරමක් වත් පොහොසත්කම් ඇති එකකු අන්තිම වී, ගාල්ලේ මහ මෝදර ඉස්පිරිතාලයට ගෙනයනු පිණිස ගාල්ලෙන් ගෙන්වන ලද කාරෙකකි. උසාවියට හෝ කච්චේරියට හෝ යන ගැමියන් ගාල්ලට ආවේ මුළු සැතපුම් දහසය ම පයින් යෑමෙනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Gamanaka mula – ගමනක මුල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat